මසක් - පමණ ගෙවුනි
ඔහොම වෙදුගෙ නමට මල් -------- පිපෙනා
වෙසක් - මලක හැඩ බලන්ට කාලය විගහින් ----------------
ඇදුනා
යකෙක් - ගැහුව බව කියමින් දිනක් රැයක මැද ------------
වෙදනා
වසක් - කැවුන ලෙස දොඩන්ට විය විකාර මහ -------------
හඬිනා
ගෙදර - ඉන්ට විදියක් නෑ එදා පටන් උන ----------------
හොඳටම
පැදුර - අකුලගෙන ගුලිවෙයි හූ තියමින් රෑ
---------------- මැදියම
වතුර - ටිකත් අප්පිරියයි කට කෙළ වල අමි ---------------
රහටම
මතුර - නූල් කර බැන්දත් ලෙඩේ ඇවිස්සුනි ---------------
ජයටම
දන්න - ජාති කෙරුව නමුත් අසනීපය තව වැඩි ---------------
උනි
වෙන්න - දෙයක් නෑ තව නම් මරණාසන්නෙට ලං ----------- උනි
ඔන්න - ඉතිං එක සැරේම වෙදුට යමක් සිහිපත් --------------
උනි
යන්න - ඕනෑ මට කැලේට කියමින් පැදුරෙන් ---------- ඇහැරුනි
ගෙන - පඬුරක් සමඟ සුදට රෙදි කඩකුත් හනික ---------- ලඟට
මොන - මොනවද කියමින් පිඹ ගැට ගැහුවයි ඒක --------- තදට
වින - කෙරු ඒ නපුරු සතා උඹල දන්නෙ නෑනි --------- මෙමට
පණ - අදිමින් වෙදු කීවයි පඬුර දෙමින් අඹුව --------------
අතට
ගැට - ගහපං පහන් පැලේ දුම් අල්ලා තුං ---------------
වරුවක්
මට - සමාව දෙන්ට කියා වැඳලා පතමින් -------------- පැතුමක්
හෙට - ඉඳලා හද්දොහකිං සනීප උනොතින් ----------- පමණක්
අට - වෙනි දවසෙම දෙන්නම් ඒ නාමෙට බත් ------- ගොටුවක්