Thursday, December 8, 2016

6

තිබොල් ජීවම







මසක්  - පමණ ගෙවුනි ඔහොම වෙදුගෙ නමට මල් -------- පිපෙනා  
වෙසක් - මලක හැඩ බලන්ට කාලය විගහින් ---------------- ඇදුනා     
යකෙක් - ගැහුව බව කියමින් දිනක් රැයක මැද ------------ වෙදනා  
වසක් - කැවුන ලෙස දොඩන්ට විය විකාර මහ ------------- හඬිනා    


ගෙදර - ඉන්ට විදියක් නෑ එදා පටන් උන ---------------- හොඳටම
පැදුර - අකුලගෙන ගුලිවෙයි හූ තියමින් රෑ ---------------- මැදියම   
වතුර - ටිකත් අප්පිරියයි කට කෙළ වල අමි --------------- රහටම  
මතුර - නූල් කර බැන්දත් ලෙඩේ ඇවිස්සුනි --------------- ජයටම


දන්න - ජාති කෙරුව නමුත් අසනීපය තව වැඩි --------------- උනි
වෙන්න - දෙයක් නෑ තව නම් මරණාසන්නෙට ලං ----------- උනි    
ඔන්න - ඉතිං එක සැරේම වෙදුට යමක් සිහිපත් -------------- උනි
යන්න - ඕනෑ මට කැලේට කියමින් පැදුරෙන් ---------- ඇහැරුනි 


ගෙන - පඬුරක් සමඟ සුදට රෙදි කඩකුත් හනික ---------- ලඟට
මොන - මොනවද කියමින් පිඹ ගැට ගැහුවයි ඒක --------- තදට
වින - කෙරු ඒ නපුරු සතා උඹල දන්නෙ නෑනි --------- මෙමට
පණ - අදිමින් වෙදු කීවයි පඬුර දෙමින් අඹුව -------------- අතට


ගැට - ගහපං පහන් පැලේ දුම් අල්ලා තුං --------------- වරුවක් 
මට - සමාව දෙන්ට කියා වැඳලා පතමින් -------------- පැතුමක්
හෙට - ඉඳලා හද්දොහකිං සනීප උනොතින් ----------- පමණක්  
අට - වෙනි දවසෙම දෙන්නම් ඒ නාමෙට බත් ------- ගොටුවක්   

No comments:

Post a Comment