දිනක් - වෙදා ගියයි ඔන්න
ගේ පල්ලම මහ------------------- කැලේට
පතක් - පමන තුඹ කරවිල
ගෙඩි හොයාන බෙහෙත්----------- තෙලට
දොලක් - දැකල ඇඟ අත පය
දොහොං කොරං------------ මහන්සියට
ටිකක් - දිගා වෙන්ට ගියයි
හෙවන තිබුන ගහක්----------------- මුලට
හෙප්පං - වී හිටි වෙදාට
හුළගෙ සැපට ඇස්----------------- පියවුනි
ගොම්මං - කලුවර නොදැනිම
ගහ වට කර------------- සුරුවංඋනි
හොල්මං - කර වෙදරාලට
හීනෙං හෙනයක්---------------- දිස්විනි
අස්සෙං - රැස් දී එළියක්
වන මැද්දට--------------------- පතබෑවුනි
තුඹ - ගාලක් දෙන්නම්
මම පලයං මේ කැළෙං----------------- පිටට
බඹ - ගානක් ඈත හිටං හඬ
ආවයි බොහොම------------------ සැරට
උඹ - කව්දැයි මට කියන්ට
වෙදත් කියපි ටිකක්---------------- තදට
පිඹ - හූ තියමින් කීවයි
හිටු එනකං ඔහොම-------------------- ලඟට
අල්ලා - තද කුණාටුවක්
ගුගුරා හෙන ගෙඩි-------------------- අහසේ
හොල්ලා - බිම් පස් විහිඳුනි
බය වී පොලොවත්---------- බොහොසේ
ඉල්ලා - වහ කෑවා දෝ හිතුනි
වෙදාටත්----------------------- රහසේ
බල්ලා - මෙන් හති ඇරියයි
ඇස් ඇර බයවී---------------- වෙහෙසේ
සද්ද - නොදා තුවක්කුවත්
එළ්ල කොරං වෙදා------------------ බයට
බැද්ද - පුරා දෝංකාර
මැද කිව්වා අහස------------------------- දෙසට
සුද්ද - කොරලා බැද්ද
මෙතන හේං කොටමි මයේ-------------- නමට
යුද්ධ - කොරමු උඹයි මමයි
ඒ හේනේ වෙසක්------------------ මහට
බදා - ගත්තෙ නොදැන තරම මහ තෙද බල රෝම------- යකෙක්
මෙදා - සැරේ බලන්ට හැකි කොයි කාටත් දෙකෙන්-------
එකක්
එදා - එහෙම මුල ඇල්ලුවේ මහ සටනට නොමැත-------- සැකක්
නෝදා - තවත් බර අටුවා ලියමි රසට තව-----------------
පිටුවක්
No comments:
Post a Comment