Thursday, December 8, 2016

6

තිබොල් ජීවම







මසක්  - පමණ ගෙවුනි ඔහොම වෙදුගෙ නමට මල් -------- පිපෙනා  
වෙසක් - මලක හැඩ බලන්ට කාලය විගහින් ---------------- ඇදුනා     
යකෙක් - ගැහුව බව කියමින් දිනක් රැයක මැද ------------ වෙදනා  
වසක් - කැවුන ලෙස දොඩන්ට විය විකාර මහ ------------- හඬිනා    


ගෙදර - ඉන්ට විදියක් නෑ එදා පටන් උන ---------------- හොඳටම
පැදුර - අකුලගෙන ගුලිවෙයි හූ තියමින් රෑ ---------------- මැදියම   
වතුර - ටිකත් අප්පිරියයි කට කෙළ වල අමි --------------- රහටම  
මතුර - නූල් කර බැන්දත් ලෙඩේ ඇවිස්සුනි --------------- ජයටම


දන්න - ජාති කෙරුව නමුත් අසනීපය තව වැඩි --------------- උනි
වෙන්න - දෙයක් නෑ තව නම් මරණාසන්නෙට ලං ----------- උනි    
ඔන්න - ඉතිං එක සැරේම වෙදුට යමක් සිහිපත් -------------- උනි
යන්න - ඕනෑ මට කැලේට කියමින් පැදුරෙන් ---------- ඇහැරුනි 


ගෙන - පඬුරක් සමඟ සුදට රෙදි කඩකුත් හනික ---------- ලඟට
මොන - මොනවද කියමින් පිඹ ගැට ගැහුවයි ඒක --------- තදට
වින - කෙරු ඒ නපුරු සතා උඹල දන්නෙ නෑනි --------- මෙමට
පණ - අදිමින් වෙදු කීවයි පඬුර දෙමින් අඹුව -------------- අතට


ගැට - ගහපං පහන් පැලේ දුම් අල්ලා තුං --------------- වරුවක් 
මට - සමාව දෙන්ට කියා වැඳලා පතමින් -------------- පැතුමක්
හෙට - ඉඳලා හද්දොහකිං සනීප උනොතින් ----------- පමණක්  
අට - වෙනි දවසෙම දෙන්නම් ඒ නාමෙට බත් ------- ගොටුවක්   

Sunday, April 24, 2016

5

තිබොල් ජීවම 





දිනක් - වෙදා ගියයි ඔන්න ගේ පල්ලම මහ------------------- කැලේට 

පතක් - පමන තුඹ කරවිල ගෙඩි හොයාන බෙහෙත්----------- තෙලට

දොලක් - දැකල ඇඟ අත පය දොහොං කොරං------------ මහන්සියට

ටිකක් - දිගා වෙන්ට ගියයි හෙවන තිබුන ගහක්----------------- මුලට


හෙප්පං - වී හිටි වෙදාට හුළගෙ සැපට ඇස්----------------- පියවුනි  

ගොම්මං - කලුවර නොදැනිම ගහ වට කර------------- සුරුවංඋනි   

හොල්මං - කර වෙදරාලට හීනෙං හෙනයක්---------------- දිස්විනි

අස්සෙං - රැස් දී එළියක් වන මැද්දට--------------------- පතබෑවුනි



තුඹ - ගාලක් දෙන්නම් මම පලයං මේ කැළෙං----------------- පිටට    

බඹ - ගානක් ඈත හිටං හඬ ආවයි බොහොම------------------ සැරට

උඹ - කව්දැයි මට කියන්ට වෙදත් කියපි ටිකක්---------------- තදට

පිඹ - හූ තියමින් කීවයි හිටු එනකං ඔහොම-------------------- ලඟට



අල්ලා - තද කුණාටුවක් ගුගුරා හෙන ගෙඩි-------------------- අහසේ

හොල්ලා - බිම් පස් විහිඳුනි බය වී පොලොවත්---------- බොහොසේ

ඉල්ලා - වහ කෑවා දෝ හිතුනි වෙදාටත්----------------------- රහසේ

බල්ලා - මෙන් හති ඇරියයි ඇස් ඇර බයවී---------------- වෙහෙසේ 



සද්ද - නොදා තුවක්කුවත් එළ්ල කොරං වෙදා------------------ බයට  

බැද්ද - පුරා දෝංකාර මැද කිව්වා අහස------------------------- දෙසට  

සුද්ද - කොරලා බැද්ද මෙතන හේං කොටමි මයේ-------------- නමට 

යුද්ධ - කොරමු උඹයි මමයි ඒ හේනේ වෙසක්------------------ මහට



 බදා - ගත්තෙ නොදැන තරම මහ තෙද බල රෝම------- යකෙක්      

 මෙදා - සැරේ බලන්ට හැකි කොයි කාටත් දෙකෙන්------- එකක්

 එදා - එහෙම මුල ඇල්ලුවේ මහ සටනට නොමැත-------- සැකක්  

 නෝදා - තවත් බර අටුවා ලියමි රසට තව----------------- පිටුවක්